09th December 2024 19:26:03 Hours
21 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.බී. පුංචිහේවා ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ අභිමානවත් 16 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 4 දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
සංවත්සර දිනයේදී, ඒකක මූලස්ථානය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ අණදෙන නිලධාරිතුමන් සමූහ ඡායාරූපයකට සහභාගී වී සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.