Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2024 18:19:30 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ගෞරවාචාරයන් පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 6 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුුහන් කරමින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකළේය. පසුව, විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී වෙත එම රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනැමූහ. අනතුරුව, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේදී එතුමන්වෙත උපහාර පුදකරමින් සුහඳ තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින්ගේ මූලිකත්වයෙන් එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ.