07th December 2024 22:39:34 Hours
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ආගමික ආශිර්වාද මධ්‍යයේ 2024 දෙසැම්බර් මස 4 දින රාජකාරි භාර ගන්නා ලදී.
යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, නව සේනාංකාධිපතිතුමන් වෙත කඳවුරු මුරයේ සහ බලඇණි සම්මාන මූරයේ ගෞරවාචාරය පුදකළේය.අනතුරුව, සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කිරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට සිය අත්සන තැබීය. පසුව එම අවස්ථාවට මතක සටහනක් එක් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිට එතුමන් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එතුමන් ඔවුන්ගේ වෘත්තීමයභාවය, අවංකභාවය සහ රාජකාරීන් නිසි අයුරින් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කලහ. ඉන් අනතුරුව එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.