Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2024 06:59:26 Hours

61 පාබල සේනාංකයේ බදාදා දින පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්

බූස්ස ප්‍රදේශයේ පිහිටි 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 4 දින එම සේනාංක මූලස්ථානයේදී බදාදා දින පුහුණු වැඩසටහන පැවැත්විණි. කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදුකිරිමේ හැකියාව, නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ දැනුම හා වෘත්තීයභාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වීය.

යුද්ධ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය සහ කණ්ඩායම් හැඟීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙහිදී lift in relay, arch and straddle relay, rugby scrum clock relay සහ human knot වැනි අංගයන් තුළින් පුහුණු දින වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව විනායාරක්‍ෂක කණ්ඩායමේ නිලධාරි අණදෙන මේජර් බී.ජී.ටී.ඩී. බණ්ඩාර ගේ මූලිකත්වයෙන් ‘හමුදා නිලධාරීන්ගේ හැසිරීම සහ විනය පවත්වාගැනීම’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසුනිලයන් 202 දෙනෙකු සහභාගී වූහ.