Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2024 06:50:31 Hours

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා රෝහලේදී දැනුවත් කිරීමේ වැඩසටහනක්

නොවැම්බර් මස 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ යුද්ධ හමුදා රෝහල වෙතින් 2024 දෙසැම්බර් මස 04 දින එම රෝහල් පරිශ්‍රයේදී යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ‘නිරෝගිමත් යුද්ධ හමුදාවක් - නිරෝගිමත් දැයක්’ තේමාව ඔස්සේ පැවති මෙම වැඩසටහන සෞඛ්‍ය සම්පන්න, බෝ නොවන රෝගවලින් තොර හමුදාවක් ගොඩනැඟීමේ අරමුණින් පැවැත්විණි.

මෙම වැඩසටහන තුළින්, පාද ස්නායු පරීක්‍ෂණ, රුධිර පීඩන පරීක්‍ෂණ, රුධිර සීනි පරීක්‍ෂාව, පෝෂණ හා මානසික සෞඛ්‍ය උපදේශන, බර කළමනාකරණය පිළිබඳ මඟපෙන්වීම සහ දියවැඩියා ආශ්‍රිත අක්‍ෂි සංකූලතා පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු වැදගත් සෞඛ්‍ය සේවාවන් සපයනු ලැබීය.

මෙහිදී, එන්.එම්.එස්. හෙට්ටිගෙදර මහතා විසින් ‘නිසියාකාර ආහාර පුරුදු තුළින් දියවැඩියා රෝගය පාලනය කිරීම’ පිළිබඳවත් මණ්ඩලික සැරයන් ටී.එල්.ජී. ප්‍රියදර්ශන විසින් ‘ව්‍යායාම වැඩසටහන්’ තේමාව ඔස්සේත් දේශනයන් පැවැත්විණි.