Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2024 07:04:44 Hours

ධූරයෙන් නික්ම යන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට එම සේනාංකයේ ගෞරවාචාරය

ධුරයෙන් නික්ම යන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 29 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.