Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2024 06:16:37 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වෙත ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 02 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ධූරයෙන් නික්ම යන සේනාවිධායකතුමන්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබූ අතර, පසුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් අභාවප්‍රාප්ත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ස්මාරකය වෙත පුෂ්පොපහර දැක්වීමෙන් පසු එම මූලස්ථාන කාර්යය මණ්ඩලය සමඟි සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව, සේනාවිධායකතුමන් ධූරය භාර දීම සිදුකරමින් නිල ලේඛනයට අත්සන් කළ අතර, පසුව එතුමන් විශේෂ අමුත්තන්ගෙ සමරු සටහන් පොතේ සටහනක් තැබීය.එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය හෙබවීම සනිටුහන් කරමින් සිය කාර්යාලයේදී එතුමන්ගේ ඡායාරූපයක් නිරාවරණය කළේය. පසුව එතුමන් භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව දක්වා විහිදුනු මාර්ගය දෙපසදී එම බලසේනාවේ සාමාජිකයන් විසින් සිය නික්ම යන සේනාවිධායක වෙත සුභපැතුම් පිරිනමමින් දවසේ වැඩ කටයුතු අවසන් විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගි වූහ.