Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2024 06:20:40 Hours

විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරල් එම්.එම්. සල්වතුර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරල් එම්.එම්. සල්වතුර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් 2024 දෙසැම්බර් මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, , ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේදී මෙන්ම පශ්චාත් යුධ සමය තුළදී මෙන්ම වෘත්තීය දිවිය තුළදී එතුමන් දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාවය පුදකළේය. සිය වෘත්තීය දිවිය තුළදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පවුලේ සාමාජිකයන් වෙත පුදකරනු ලැබීය.

අනතුරුව, මේජර් ජෙනරල් එම්.එම්. සල්වතුර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එම්.එම්. සල්වතුර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගද ප්‍රදානය කළේය.

මේජර් ජෙනරල් එම්.එම්. සල්වතුර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1991 මැයි මස 02 දින පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 03 යටතේ යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳුනු මේජර් ජෙනරල් එම්.එම්. සල්වතුර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 අප්‍රේල් මස 14 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2024 සැප්තැම්බර් මස 30 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව 2024 ඔක්තෝබර් මස 08 දින යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවෙන් විශ්‍රාම ගනු ලැබූ අතර, විශ්‍රාම දිවියට එළඹෙන විට එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ධූරය හෙබවීය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ කණ්ඩභාර නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි අංශයේ නිලධාරි උපදේශක, 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ කණ්ඩභාර නිලධාරි, කොහුවල ගැමුණු හේවා බලකා පසු මූලස්ථානයේ නිලධාරි අණදෙන, 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන, 513 පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියා), ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ බලඝනාධිපති, 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන (අණ සහ පාලන කණ්ඩායම), 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, 55 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියා), ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි කාර්යය නියුතු ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I (කෙඩෙට් නිලධාරින් බඳවාගැනීමේ අංශය), කොළඹ මෙහෙයුම් විධානයේ 09 වන අංශයේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I (පුහුණු හා මූලධර්ම), අබෙයි එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNISFA) හමුදා නිරීක්‍ෂක, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, 521 පාබල බලසේනාවේ බලසේනාධිපති, 142 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් රණවික්‍රම පදක්කමෙන් පිදුම් ලද මේජර් ජෙනරල් එම්.එම්. සල්වතුර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ආදර්ශමත් සේවය වෙනුවෙන් එතුමන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

එතුමන් සිය වෘත්තීය දිවිය තුළදී, ඒකක පරිපාලන පාඨමාලාව, මූලික දමිළ භාෂා පාඨමාලාව, නිරීක්ෂකයින් සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, මූලික ශිෂ්‍යභට පාඨමාලාව - පාකිස්ථානය, පාබල හමුදා තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.