05th December 2024 22:05:58 Hours
ධුරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 03 දින පලාලි ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
උත්සව අවස්ථාව සඳහා සපැමිණි මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, එතුමන් සියලු නිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.
ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 04 දින විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබූ එතුමන් සිය කාර්යාලයේදී එතුමන්ගේ ඡායාරූපයක් ද නිරාවරණය කළේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.