Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2024 21:58:20 Hours

11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාලදිවත්ත ප්‍රදේශයේ මනුසත් දෙරණ සහ Dialog Axiata ආයතනයන් සමඟ එක්ව 2024 දෙසැම්බර් මස 1 දින වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් වෙල්ලාවෙලි ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 243 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී විය. 11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ මනුසත් දෙරණ සහ Dialog Axiata ආයතනයන්හි නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.