Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2024 21:25:01 Hours

මව්බිම වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයන් අනුස්මරණය කරයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 නොවැම්බර් මස 29 දින අනුරාධපුර, කලත්තෑව රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී සහභාගී විය. සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති සහ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් මෙම අවස්ථාව සඳහා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් මව්බිමේ සාමය සහ සහජීවනය ඇති කිරීම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකූලව පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.