Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2024 21:56:14 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 4 දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් ද පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, රෙජිමේන්තු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

එදින සන්ධ්‍යාවේ, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවති අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ. එහිදී එතුමන් වෙත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.