05th December 2024 22:03:34 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 15 වන බලකාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 30 දින සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයෙහි සිය ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.
පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසු සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් සවිස්තරාත්මක දැනුවත් කිරීමක් බලකාධිපතිතුමන් වෙත සිදුකිරීමෙන් අනතුරුව, නිලධාරින් ආමන්ත්‍රණය කළ බලකාධිපතිතුමන් භටපිරිස්හි වෘත්තීමයභාවයෙහි වැදගත්කම, මූල්‍ය කළමනාකරණය සහ ස්වයං විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. පසුව, කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත වූ බලකාධිපතිතුමන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
නිලධාරී නිවස්නයේදී පැවති සුහඳ හමුවෙන් අනතුරුව සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම බලකාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.