04th December 2024 20:00:42 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ධුරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයන් 2024 නොවැම්බර් මස 23 සහ දෙසැම්බර් මස 03 දිනයන්හිදී පැවැත්විණි.
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා 2024 දෙසැම්බර් මස 03 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී පැවති උත්සව අවස්ථාව සඳහා සපැමිණි මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූප සඳහා පෙනීසිටි එතුමන්ගේ සුරතින් එම මූලස්ථානයේ ඉඳිකළ නව දේශන ශාලාව ද විවෘත කරනු ලැබීය. පසුව භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.
24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 23 දින ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් උත්සවයක් පැවැත්වූ අතර එහිදී භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.