04th December 2024 16:34:02 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 නොවැම්බර් මස 25 දින 22 පාබල සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී, එතුමන් සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදා දිවියේ සිය අත්දැකීම් බෙදාගනු ලැබීය. පසුව, එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ ඒකක අණදෙන නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.