Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2024 16:41:55 Hours

143 පාබල බලසේනාවේ 14 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

143 පාබල බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සර දිනය වෙනුවෙන් අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද 2024 නොවැම්බර් මස 30 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය.

143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

එදින, බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම බලසේනාවේ කාර්ය මණ්ඩලය විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද එතුමන් සහභාගී විය. මෙම අවස්ථාවේදී, 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම බලසේනාවේ ප්‍රවර්ධනය සහ තිරසාරභාවයේ සංකේතයක් වශයෙන් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් බලසේනා කාර්ය මණ්ඩලය සහ සිවිල් සේවක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.