03rd December 2024 17:09:01 Hours
කාලතුවක්කු බලසේනාවේ 36 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.ජී.අයි.ඒ ආරියරත්න ආර්එස්පී අයිජී ගේ උපදෙස් මත 2024 නොවැම්බර් මස 24 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2024 නොවැම්බර් මස 20 දින සිට 23 දින දක්වා පැවති සංවත්සර සැමරුම වෙනුවෙන් මින්නේරිය දේවාලයේ දේව පූජාවක්, කඳවුරු පරිශ්‍රයේ බෝධි පූජාවක්, නාගල කන්ද රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා 14 නමක් උදෙසා දානමය පිංකමක්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සුහද හමුවක් සහ ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී.
සංවත්සර දිනයේදී, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, සියළු නිල දිවා භෝජන සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය. උත්සවයේ කටයුතු අවසන් කරමින් එතුමන් නිලධාරී නිවස්නයේ පැවති සුහද හමුව සඳහාද සහභාගී විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.