Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2024 17:08:52 Hours

51 පාබල සේනාංකයේ ‘කෝපායි කුසලාන පාපන්දු තරඟාවලිය - 2024’ සාර්ථකව අවසන්

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 30 දින කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත CIMIC උද්‍යානයේදී ‘කෝපායි කුසලාන පාපන්දු තරඟාවලිය - 2024’ සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.

දින හයක් පුරා පැවති මෙම තරඟාවලිය සඳහා පාපන්දු කණ්ඩායම් 12 ක් සහ යුද්ධ හමුදා කණ්ඩායම් 10 ක් සහභාගී විය. තරඟාවලියේ සිවිල් කාණ්ඩයේ ශූරතාවය උරුම්පිරායි පාපන්දු කණ්ඩායම දිනාගත් අතර, අනුශූරතාව පලාලි වින්මීන් පාපන්දු කණ්ඩායමට හිමිවිය. එමෙන්ම, හමුදා කාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට 51 පාබල සේනාංක පාපන්දු කණ්ඩායම සමත් වූ අතර, අනුශූරතාවය 513 පාබල බලසේනා කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, තරඟකරුවන් සහ සිවිල් වැසියන් 500 කට අධික පිරිසක් සහභාගී වූහ.