28th November 2024 10:47:18 Hours
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 නොවැම්බර් මස 27 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
මෙම නිරීක්‍ෂණ චාරිකාව අතරතුර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ගංවතුරින් අවතැන් වූවන්ට සහන සැලසීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාමාලෝචන සාකච්ඡාවක්ද පැවැත්වීය. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නාවික හමුදාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්‍නි, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යාපනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
අවතැන් වූ සිවිල් වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම් සහ ඔවුන්ගේ දේපළ ආරක්‍ෂා කිරීමේ කටයුතු සඳහා හමුදා භටපිරිස් යෙදවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරිණි. සාකච්ඡාවෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ගංවතුරින් අවතැන් වූවන් වෙනුවෙන් පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථාන වන ශාන්ත තෙරේසා පාසල, ශිව නගර් කෝවිල සහ තල්වුපාඩු දේවස්ථානය යන ස්ථානවල ජනතාවගේ සනීපාරක්‍ෂාව සහ පහසුකම් සොයාබැලීම සඳහා සංචාරයක නිරතවිය.
එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් අවතැන් වූ වැසියන් සිටින එම මධ්‍යස්ථානවල තත්ත්වයන් සොයාබලා එම වැසියන්ට අවශ්‍යතාවය පරිදි ප්‍රමාණවත් පහසුකම් ලබාදීම පිළිබඳවද ප්‍රාදේශීය නිලධාරීන් සමඟින් සාකච්ඡා කරනු ලැබීය.