26th November 2024 08:12:24 Hours
වසර 36 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 නොවැම්බර් මස 25 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළ ඉටුකළ මෙහෙවර මෙන්ම තම යුද්ධ හමුදාධිපතිධූර කාලය තුළදී විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉටුකළ සේවය ඇගයීමට ලක් කළේය. එසේම වෘත්තීය ජීවිතය පුරාවට රාජකාරි ඉටුකිරීමේ දී එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සිදුකළ කැපකිරීම්ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට මෙහිදී ලක් කළේය.
යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත, සිය කෘතඥතාවය පළකළේය. සුහඳ හමුව සමාප්තියේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම දිවියට එලඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.
එතුමන් පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ:
වර්ෂ 1988 පෙබරවාරි මස 22 දින යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 29 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1989 දෙසැම්බර් මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් සේවා රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව 2024 නොවැම්බර් මස 29 දින යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර, විශ්‍රාම දිවියට එළඹෙන විට එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති තනතුරු හෙබවීය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 5 බලඇණි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මෝටර් රථ ප්‍රවාහන අංශභාර නිලධාරී , පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරි උපදේශක, පාබල පුහුණු මධ්‍යස්ථානයේ විධායක අධිකාරී, කොළඹ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වැඩපොළ භාර නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 3 (තාක්ෂණ), උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වැඩපොළ භාර නිලධාරි, මඩකලපුව, වාලච්චේන සහ අම්පාර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර වැඩපොළවල් භාර නිලධාරී අණදෙන, 3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මධ්‍යම වැඩපොළ භාර නිලධාරී අණදෙන, 23 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 2 (පරිපාලනය), 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ, කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපොළ, උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපොළ සහ 4 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරී, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරී අණදෙන, 4 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, නිලධාරි ඉදිරි නඩත්තු පෙදෙස - උතුර භටපිරිස්හි නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැඩ බලන සේනාවිධායක සහ කොළඹ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1, උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපොළේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (ව්‍යාපෘති), යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ කර්නල් (පරිපාලන හා සැපයුම්), ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරී), ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් (පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරී), ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්‍ෂුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදා භඨකාර්ය අණසක මූලස්ථානයේ අඥාපති සහ යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යන තනතුරු හොබවා ඇත.
එතුමන් යුද්ධ හමුදා සේවා කාලය තුළ නවීන මෝටර් රථ තාක්ෂණ පාඨමාලාව, උසස් ඉංග්‍රීසි පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පුහුණු පාඨමාලාව, ඒකක අණදෙන නිලධාරී සංස්කරණ පාඨමාලාව, ක්‍රීඩා පරිපාලකයින්ගේ පාඨමාලාව (ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව), තරුණ තාක්‍ෂණික නිලධාරී පාඨමාලාව (පාඨමාලාව අංක 48) - ඉන්දියාව, වැඩපොල නිලධාරී අණදෙන පාඨමාලාව (පාඨමාලාව අංක 43) - ඉන්දියාව, භටකාර්ය සම්පාදක මාණ්ඩලික නිලධාරි පාඨමාලාව (පාඨමාලා අංක 51) - පාකිස්ථානය, භටකාර්ය ජ්‍යේෂ්ඨ නිලධාරි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව - (පාඨමාලා අංක 93) - ඉන්දියාව, ගොඩබිම කාලතුවක්කු අලුත්වැඩියා පාඨමාලාව (චීනය), උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව (පාඨමාලා අංක 11) - ඉන්දියාව සහ උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව (පාඨමාලා අංක 13) - ඉන්දියාව යන දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.
එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී පාකිස්ථානයේ අල්ලාමා ඉක්බාල් විවෘත විශ්ව විද්‍යාලයේ භඨකාර්ය සම්පාදක හා සැපයුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය, තොරතුරු පරිගණකකරණය සහ කළමනාකරණ විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය සහ ඉන්දියාවේ ඔස්මානියා විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.