Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2024 22:44:28 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

නවතම‍යෙන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත 2024 නොවැම්බර් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් එම අධිකාරියේ සංකේත පිරිනැමීය.

මෙම අවස්ථාවට නවතමයෙන් උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් ජී.එස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූහ.

දශක තුනකට අධික කාලයක් ජාතිය වෙනුවෙන් සිදුකළ සේවය වෙනුවෙන් උසස්වීම් ලැබූ නව මේජර් ජෙනරල්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී සිය කෘතවේදීත්වය සහ සුබ පැතුම් පිරිනමන ලදී.

සුහඳ හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනැමීය. නව නිලයට උසස් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතවේදීත්වය පුදකළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකටද පෙනීසිටියහ.