24th November 2024 09:26:05 Hours
යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී 7 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 2024 නොවැම්බර් මස 18 දින නිල සංචාරයක නිරත විය.
හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානතුමන් වෙත එම ඒකකයේ භට පිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කර බලඇණියේ භට පිරිස් අමතමින් ඔවුන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණන් අගය කිරීම සහ සේවය අඛණ්ඩ කැපවීමෙන් සිදුකරීම දිරිගන්වන දී. පසුව නිල සංචාරය අවසානයේ එතුමන් විශේෂ දිවා භෝජන සංග්‍රහයකට එක් විය.
මෙම නිල සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ