Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2024 18:09:09 Hours

බංග්ලාදේශ මහ කොමසාරිස්තුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්, අතිගරු අන්දලීබ් එලියස් මහතා, 2024 නොවැම්බර් මස 20 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේ පැවති මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ කොමසාරිස්තුමන් අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

මෙම සුහඳ හමුවේදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල කොටසක් ලෙස දෙරටෙහි යුද්ධ හමුදාවන් අතර සහයෝගය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

සුහඳ හමුව අවසානයේදී දෙරටෙහි සුහඳතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය. මෙම අවස්ථාව සනිටුහන් කරමින්, මහ කොමසාරිස්තුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්.මොනිරුස්සමන් ද සහභාගී විය.