Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2024 20:14:14 Hours

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පොපි මල් සැමරුම් උත්සවයක් සංවිධානය කරයි

වාර්ෂික සන්නද්ධ හමුදා පොපි මල් සැමරුම - 2024 ට සමගාමීව ගජබා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2024 නොවැම්බර් මස 4 දින පොපි මල් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදී.

වාර්ෂික සන්නද්ධ හමුදා පොපි මල් සැමරුම - 2024 හි කොටසක් ලෙස පවත්වන ලද මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සේවා මුක්ත භඨසංගමයේ සහයෝගයෙන් සංවිධානය කරන ලදී.

පොපි මල් සැමරුම් උත්සව අවස්ථාවට ගජබා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපතිතුමන්, අනුරාධපුර, කැකිරාව හා කහටගස්දිගිලිය යන ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ, පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලය සහභාගී වූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.