13th November 2024 15:56:43 Hours
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත මුලතිව් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සම්ප්‍රදායික කඨින පූජෝත්සවය 2024 නොවැම්බර් මස 09 සහ 10 දිනයන්හිදී පැවැත්විණි.
පූජ්‍ය තිස්සපුර ගුණරතන හිමිපාණන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම කඨින චීවර පූජෝත්සවයේ සංවිධාන කටයුතු 591 පාබල බලසේනාව, 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ බැතිමතුන් 200 කට අධික පිරිසක් සහභාගි වූහ.