Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2024 16:08:38 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 73 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අභිමානවත් 73 වන සංවත්සර දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 09 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව 2024 නොවැම්බර් මස 06 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් අනුස්මරණය කරනු ලැබීය. ඉන් අනතුරුව, භටපිරිස් විසින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදින උදෑසන එම රෙජිමේන්තු සෙසුනිල භෝජනාගාරයේදී මහා සංඝරත්නය උදෙසා හීල් දානය සහ පිරිකර පූජාකරනු ලැබීය.

2024 නොවැම්බර් මස 09 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ කාර්යයේ නියුතු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, රෙජිමේන්තු සරඹ භූමියේදී, භටපිරිස් විසින් බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. පසුව, බලකාධිපතිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

සංවත්සර සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් වසර 30 ක නොකැළැල් සේවයක නිරතව සිටින සිවිල් සේවක මහතෙකු වන මේ වනවිට විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර සහ අඛණ්ඩ ඖෂධ අවශ්‍යතාවයන් සහිත එන්.එල්.ඩී.එස්.ආර්. කරුණාරත්න මහතා වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.