12th November 2024 17:33:32 Hours
භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 10 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් 25 දෙනෙකු සිය පාඨමාලා විෂය මාලාවේ කොටසක් වශයෙන් 2024 ඔක්තෝබර් මස 30 දින යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවූහ.
සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් රණවිරු ඇපරල් ආයතනයේ ව්‍යුහය, ඉතිහාසය සහ ප්‍රවර්ධනය පිළිබඳව විස්තර කෙරෙන ඉදිරිපත් කිරීමක් සිදුකෙරුණු අතර ඒ තුළින් යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් සිදුකෙරෙන කාර්යභාරය පිළිබඳව වටිනා අවබෝධයක් ලබාදෙනු ලැබීය. ඉන් අනතුරුව, සංචාරයේ නිරත ශිෂ්‍ය නිලධාරින් සහ රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායකතුමන් සුහඳ පිළිසඳරක නිරත වෙමින් එම ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඊට අදාළ භඨකාර්ය සම්පාදන අභියෝගයන් සබැඳිව අදහස් හුවමාරු කරගනු ලැබීය.
පසුව, එම ආයතන පරිශ්‍රයේ සංචාරයක නිරත වූ එම ශිෂ්‍ය නිලධාරින් වෙත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව පුළුල් දැනුමක් ලබාදෙමින් සැලසුම් ක්‍රියාවලිය, රෙදි හැසිරවීම, කැපීම සහ ඇසුරුම් කිරීම වැනි ප්‍රධාන අංශයන් නිරීක්‍ෂණය කිරීමට අවස්ථාව ලබාදෙනු ලැබීය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ශිෂ්‍ය නිලධාරීන් රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායකතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.