11th November 2024 14:07:10 Hours
භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී 2024 නොවැම්බර් මස 08 දින 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඊ.ආර්.එස් ද සිල්වා එල්එස්සී විසින් එතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
නිල සංචාරය අතරතුර, එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් ඒකකයේ මෙහෙයුම් කටයුතු, ප්‍රධාන වගකීම් සහ ඒකකයේ කටයුතු පිළිබඳ ව සවිස්තරාත්මකව එතුමන් දැනුවත් කරන ලදී. අනතුරුව, භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - යාපනය භටපිරිස් ආමන්ත්‍රණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. මෙම නිල සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගි වූහ.