Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2024 14:53:44 Hours

6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව 34 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 34 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් කේ.එන්.සී ද සිල්වා ගේ මගපෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 07 දින පවත්වන ලදී.

සංවත්සර දිනයේදී, ඒකක අණදෙන නිළධාරීතුමන් වෙත හටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ බලඇණි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. පසුව, ඒකක අණදෙන නිළධාරීතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය. සංවත්සරයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

සංවත්සර දිනයට සමගාමීව එම ඒකකයේ කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලද අතර, එසේම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උපහාර පිදීමේ වැඩසටහනක් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද එක් කිරීම සඳහා බෝධි පූජා පිංකමක් සහ ධර්ම දේශනාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවන්ට 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.