Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2024 14:00:38 Hours

16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 16 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 16 වන සංවත්සරය වෙනුවෙන් උත්සව මාලාවක් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.එච්. වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම මත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 නොවැම්බර් මස 01 දින පවත්වන ලදී.

සංවත්සර දින ප්‍රධාන දොරටුව වෙත සපැමිණි අණදෙන නිළධාරීතුමන් වෙත හටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ බලඇණි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. පසුව, අණදෙන නිළධාරීතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී විය.

මීට අමතරව, සංවත්සරයට සමගාමීව 2024 නොවැම්බර් මස 03 දින ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලියක් පැවැත් වූ අතර, අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත ඔවුන්ගේ සේවය අගයමින් අණදෙන නිලධාරිතුමන් විසින් සමරු තිළිණ පිරිනැමීමෙන් පසු සැමරුම් දිනයේ වැඩකටයුතු අවසන් විය.

මෙම සංවත්සර සැමරුම සඳහා 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.