11th November 2024 14:10:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු සාමාජිකයන් වෙනුවෙන් ‘ජීවත්වීම කලාවකි’ තේමාව ඔස්සේ 2024 නොවැම්බර් මස 06 දින එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී දේශනයක් පැවැත්විණි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය විසින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහ ජීවන කුසලතාවයන් ඉහළ නැංවීමේ අරමුණින් එතුමියගේ දැනුම බෙදාගනිමින් මෙම දේශනය පැවැත්වීය.
පුහුණු දින වැඩසටහන සමාප්තියේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ සහභාගීත්වය ඇගයීමට ලක්කරමින් එතුමිය වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.