Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2024 14:53:20 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම භකාස අණසක - මධ්‍යම යටතේ ස්ථාපිත ඒකකන් සහ දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2024 නොවැම්බර් මස 06 දින ආරක්‍ෂක සේනා - මධ්‍යම යටතේ පාලනය වන යුද්ධ හමුදා රෝහල - දියතලාව, 7 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 8 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය යන ඒකකයන්හි සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා රෝහල් දියතලාව වෙත සපැමිණි ආඥාපතිතුමන්ව එම රෝහලේ අණදෙන නිලධාරී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම රෝහල් පරිශ්‍රයේ පැළයක් රෝපනය කිරීමෙන් පසු සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. පසුව එතුමන් රෝහල් පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් රෝහලේ කාර්යයන් නිසි අයුරින් සිදුකිරීමට උපදෙස් ලබා දෙන ලදී.

රෝහල් සංචාරයෙන් පසුව, එතුමන් 7 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 8 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය වෙත සංචාරය කරන ලදී. එම ඒකක පරිශ්‍රයන් වෙත සපැමිණි ආඥාපතිතුමන් විසින් පැළයක් රෝපනය කිරීමෙන් පසුව සමූහ ඡායාරූපයන්ටද පෙනී සිටියේය. අනතුරුව, එම ඒකකයන් හිදී අණදෙන නිලධාරිවරුන් විසින් ඒකකයන්හි සිදු කරනු ලබන කාර්යයන් පිළිබදව ආඥාපතිතුමන්ව දැනුවත් කිරීම සිදුකරන ලදී. පසුව එතුමන් විසින් එම එකකයන් හීදී භටපිරිස් ඇමතීමෙන් පසුව විශේෂ අමුත්තන්ගේ පොතේහි සමරු සටහනක්ද තැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.