Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2024 14:52:54 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් දේශනයක් පවත්වයි

පුහුණු දින වැඩසටහනට සමගාමීව ‘නායකත්වය සඳහා මනෝවිද්‍යාත්මක ප්‍රවේශය’ මැයෙන් දේශනයක් සහ ප්‍රායෝගික සැසියක් 2024 නොවැම්බර් මස 6 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක මූලස්ථානයේදී පවත්වනු ලැබීය.

ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ලුතිනන් කර්නල් ජී.ජී.එම්.ජී. ද සිල්වා විසින් මෙම සැසිය පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.