08th November 2024 14:53:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය වෙතින් පවත්වනු ලැබූ වෘත්තීය කෙඩෙට් නිලධාරි පාඨමාලා අදියර 1 සාර්ථකව හදාරා අවසන් කළ නිලධාරින් 18 දෙනෙකු එම මූලස්ථානය වෙත පිළිගැනීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 05 දින එම මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී, එම නිලධාරින් ආමන්ත්‍රණය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් එම නිලධාරින් වෙතින් බලාපොරොත්තු වන කාර්යභාරය පිළිබඳව පැහැදිළි කළේය. විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් බඳවාගැනූ ලැබූ මෙම නිලධාරින් සතු විශේෂඥ දැනුම පිළිබඳ අවධාරණය කළ සේනාවිධායකතුමන් යුද්ධ හමුදාවේ අරමුණු සඳහා ඔවුන්ගේ විභව දායකත්වය පිළිබඳව ද අවධාරණය කළේය.
නව නිලධාරින්ගේ උද්යෝගය පිළිබඳව පැසසුමට ලක්කළ සේනාවිධායකතුමන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය කෘතඥතාවය ද පුදකළේය. සිය දේශනය සමාප්ත කරමින් එතුමන් නව නිලධාරින්ගේ හමුදා දිවියට සුබපැතුම් එක්කළේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.