Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2024 21:50:31 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මඩ/කකු කුඩිම්බිමලේ කුමාරන් විද්‍යාලයට ජල පරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මඩ/කකු කුඩිම්බිමලේ කුමාරන් විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ජල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කරනු ලැබීය. පාසල සහ ඒ අවට වෙසෙන ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කරනු ලැබීය.

මෙම ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීමේ උත්සවය 2024 නොවැම්බර් මස 03 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් සහභාගි විය. තිළිණි රාමනායක මෙනවියගේ දිවංගත පියා වන සරත් රාමනායක මහතාගේ 10 වන ගුණානුස්මරණ දිනය සනිටුහන් කරමින් එතුමිය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, එම ප්‍රදේශවාසී ප්‍රභූවරුන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.