Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2024 17:19:21 Hours

පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව කාර්ය නියුක්ත අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්ය නියුක්ත අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 05 දින පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සුබ මොහොතින් සංකේතාමක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මීට ප්‍රථම මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් මෙම ධූරය හොබවන ලදී. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ ධූරය හෙබවීය.

මෙම අවස්ථාවට පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.