05th November 2024 18:26:41 Hours
පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ මූලික පාඨමාලාව හදාරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් 2024 ඔක්තෝබර් මස 31 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලෙහි අධ්‍යාපන චාරිකාවක නිරත විය.
මෙම සංචාරය මගින් දේශීය හා විදේශීය සිසුන්ට වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ ක්‍රමවේදයන් නිරීක්‍ෂණය කිරීමට සහ පුහුණු ආකෘති ප්‍රදේශය ගවේෂණය කිරීමට අවස්ථාව හිමිවූහ. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලෙහි සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස්. ජාගොඩ පීඑස්සී විසින් පැමිණි කණ්ඩායම පිළිගත් අතර, එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් එල්.එල්.සී.එස්. කබ්‍රාල් පාසලේ දැක්ම සහ ජාතික ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කාර්යභාරය හඳුන්වා දෙන ලදී.
එහිදී එම පිරිසට ක්ෂේත්‍ර ඉංජිනේරු අංශය මගින් නවීන තාක්‍ෂණික ක්‍රම භාවිතා කරමින් වැඩිදියුණු කරන ලද ජීව පුපුරණ ද්‍රව්‍යයන් නිෂ්ක්‍රීය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ නිදර්ශණයක් ඉදිරිපත් කරන ලදී. සංචාරය අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.