05th November 2024 18:34:04 Hours
හබරකඩ, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපළේ සේනාවිධායක කර්නල් එන්. වනිගසිංහ එල්එස්සී ගේ මඟපෙන්වීම මත එම වැඩපළේ අභිමානවත් 27 වන සංවත්සර දිනය 2024 ඔක්තෝම්බර් මස 30 දින සමරනු ලැබීය.
සංවත්සර සැමරුමට සමගාමීව, 2024 ඔක්තෝබර් මස 16 දින පැවැත්වූ ධර්ම දේශනාවක් සඳහා භටපිරිස් සහභාගී වූ අතර 2024 ඔක්තෝබර් මස 17 දින මීගොඩ පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී ශ්‍රමදාන වැඩසටහනක් ද පැවැත්වීය. එමෙන්ම, භටපිරිස්හි සහභාගීත්වයෙන් සුහඳ ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී.
සංවත්සර දිනයේදී, එම පරිශ්‍රය වෙත සපැමිණි සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරීනැමීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනීසිටි එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය. ඉන් පසුව, බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ අභිනවයෙන් ඉදිකළ නව ගොඩනැගිල්ලක් විවෘත කළ සේනාවිධායකතුමන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ බී ගේට්ටුව අසළ ඉදිකළ නව බස් නැවතුම්පළවල් දෙකක් ද විවෘත කරනු ලැබීය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සංගීත සංදර්ශනයක් ද පැවැත්විණි.
මෙම සැමරුම් උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.