Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2024 22:00:57 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 12 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 30 සහ 31 යන දිනයන්හිදී 12 පාබල සේනාංකය, 121 සහ 122 පාබල බලසේනාව, 20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 18 බලඇණිය ගැමුණු හේවා බලකාය, 12 බලඇණිය ගජබා රෙජිමේන්තුව සහ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි එතුමන් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, පසුව භටපිරිස් විසින් එම කඳවුරු පරිශ්‍රයන්හිදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.

මෙම සංචාරයන් සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සමූහ ඡායාරූපයන් සඳහා පෙනී සිටි අතර, එම කඳවුරු පරිශ්‍රයන්හිදී සඳුන් පැළ රෝපණය කරන ලදී. පසුව, සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් එතුමන් වෙත එම බලප්‍රදේශයන් පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කරනු ලැබීය.

අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සමාජ මාධ්‍ය වගකීමෙන් යුතුව භාවිත කිරීම, නීතිවිරෝධී ක්‍රියාවන්ගෙන් වැළකීමේ වැදගත්කම සහ පෞද්ගලික මූල්‍ය කළමනාකරණයේ අවශ්‍යතාව වැනි කරුණු පිළිබඳව වැඩි දුරටත් දැනුවත් කරන ලදී.

සංචාරය අතරුතුර එතුමන්, කතරගම ජනාධිපති මන්දිරය වෙත සහ යාල ලයා හෝටලය වෙතද නිරීක්‍ෂණය සඳහා පැමිණි අතර, මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.