Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2024 19:50:31 Hours

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 නොවැම්බර් මස 2 දින 561 පාබල බලසේනාව, 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරතවිය.

එම කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් එම මූලස්ථානයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය. එහිදී, වෘත්තීය ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ පෙන්වා දෙමින් අනාගත අරමුණු වෙනුවෙන් උපායමාර්ගික මඟපෙන්වීම් ලබාදෙන ලදී.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.