Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2024 11:09:56 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 21 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර අභිමානවත් 21 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 ඔක්තෝම්බර් මස 27 දින එම මූලස්ථාන ක්‍රීඩාංගණයේදී වොලිබෝල් සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.

තරඟාවලිය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී වූ අතර සම්මාන ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කෙරිණී.

වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය 7 බලඇණිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් දිනාගත් අතර අනුශුරතාවය 3 (ස්වෙච්ඡා) බලඇණිය සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් දිනාගත්හ.

ක්‍රිකට් තරගාවලියේදී, භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථාන කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය. තරඟාවලිය පුරාවට කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ තරඟකරුවන් වෙත විශේෂ සම්මානයන් ද පිරිනැමිණි.