Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2024 11:15:26 Hours

61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 28 සහ 29 දෙදින තුළ 573 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.

සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් කැටපොළ පිහිටි බලසේනා මූලස්ථානයේ සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කළ සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, එතුමන් වෙත එම ඉදිකිරීම් කටයුතු පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් ද සිදුකළේය. අනතුරුව, 20 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක නිරත වූ සේනාංකාධිපතිතුමන් සෝදිසි කිරීමේ සහ ආපදා සහන සැලසීමේ කටයුතු වල නිරත භටපිරිස්හි පෙර සූදානම පිළිබඳ සොයාබැලීය.

සංචාරයේ දෙවන දිනයේදී සේනාංකාධිපතිතුමන් වලහන්දූව ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ සංචාරයක නිරත වෙමින් එම කඳවුරු පරිශ්‍රයේ පවතින පහසුකම් පිළිබඳ සොයාබැලීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.