02nd November 2024 11:15:53 Hours
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 26, 28 සහ 29 යන දිනයන්හිදී 58 පාබල සේනාංකය, 583 සහ 581 පාබල බලසේනාවන්, කමාන්ඩෝ බලසේනා මූලස්ථානය, 4 කමාන්ඩෝ රෙජිමේන්තුව සහ 5 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
සංචාරයේ නිරත බලකාධිපතිතුමන් එම මූලස්ථානයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, එම මූලස්ථානයන්හි රජකාරි ස්වභාවය සහ වගකීම් පිළිබඳ බලකාධිපතිතුමන් සවිස්තරාත්මකව දැනුවත් කළහ.
එම කඳවුරු පරිශ්‍රයන්හි නිරීක්‍ෂණ සංචාරයන්හි නිරතවීමෙන් අනතුරුව බලකාධිපතිතුමන් සමූහ ඡායාරූප සඳහා පෙනීසිටි අතර මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයන්හි පැළයක් ද රෝපණය කළේය.
එම සෑම ස්ථානයකදීම භටපිරිස් ආමන්ත්‍රණය කළ බලකාධිපතිතුමන්, නීතිවිරෝධි ක්‍රියාකාරකම් වැළැක්වීම, සෞඛ්‍ය සම්පන්නව රාජකාරි සිදුකිරීම තුළින් සමතුලිතතාවය පවත්වා ගැනීම, හමුදාමය විනය, ක්‍රියාශීලීවීම සහ 1 බලකායේ ක්‍රියාන්විතයන් සඳහා සහය දැක්වීමේ ක්‍රියාකාරී සූදානම අඛණ්ඩව පවත්වාගැනීමේ වැදගත්කම වැනි ප්‍රධාන කරුණු පිළිබඳ දැනුවත් කරනු ලැබීය.
කඳවුරු පරිශ්‍රයන් තුළින් නික්ම යාමට ප්‍රථම බලකාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.