02nd November 2024 11:13:59 Hours
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 19 සහ 20 දෙදින තුළ මන්නාරම, මාතොට රජමහා විහාරස්ථානයේ කඨින මහා පිංකමේ සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.
කඩවත ප්‍රදේශයේ වෙසෙන ධම්මික ප්‍රනාන්දු මහතා සහ දේවිකා ප්‍රනාන්දු මහත්මියගේ අනුග්‍රාහකත්වය මත මෙම පූජෝත්සවය සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පොලිස් නිලධාරීන්, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් සහ බැතිමතුන් රැසක් සහභාගී වූහ.