Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2024 15:10:40 Hours

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 30 දින 563 පාබල බලසේනාව හා 3 විශේෂ බලකා පුහුණු පාසල මෙන්ම 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ කණ්ඩායම්හි නිල සංචාරයක නිරත විය.

563 පාබල බලසේනා මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන්ව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී. ජයතිලක ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදී, භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘ඒ’ කණ්ඩායම, 3 විශේෂ බලකා පුහුණු පාසල, 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ ‘ඒ’ කණ්ඩායමේ සහ ‘බී’ කණ්ඩායමේ ද සංචාරයක නිරතවිය.