31st October 2024 18:10:03 Hours
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙතින් ‘නිලධාරි පුහුණු දිනය 2024-II’ 2024 ඔක්තෝබර් මස 24 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
වැඩසටහනේ වැදගත්ම අවස්ථාව වශයෙන් 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් ‘ශ්‍රී ලංකාවේ සමකාලීන ක්‍රියාන්විත තත්ත්වය තුළ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ උපයෝගීතාවය’ මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. ඉදිරිපත් කිරීම සමාප්තියේ, රෙජිමේන්තු අධිපතිතුමන් විසින් එම ඉදිරිපත් කිරීම සිදුකළ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සහතික පත් ප්‍රදානය කරනු ලැබීය.
එදින සන්ධ්‍යාවේ පැවති Dinners' Club රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී, කීර්තිමත් කථිකාචාර්ය සහ උපදේශකවරියක් වන අමා දිසානායක මහත්මිය විසින් ‘ධනාත්මක චින්තනය සහ ආතතිය කළමනාකරණය’ මැයෙන් දේශනයක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් සහභාගි වූහ.