01st November 2024 15:10:30 Hours
පසුගිය දා ධුරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 29 දින 4 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත භඨකාර්ය සම්පාදන ආඥාපතිතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඩී.සී. සිරිවර්ධන පීඑස්සී එල්එස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එහිදී, අණදෙන නිලධාරිතුමන් විසින් ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, භඨකාර්ය සම්පාදන ආඥාපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.