30th October 2024 19:56:27 Hours
චීනය වෙතින් පරිත්‍යාග කරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ භාවිතය සඳහා පුහුණු කිරීමේ වැඩසටහන 2024 ඔක්තෝබර් මස 28 දින සමාප්ත විය. ඒ සඳහා සහභාගී වූවන් වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් සහතිකපත් ප්‍රදානය කරනු ලැබූ අතර රුපියල් මිලියන 32 ක වටිනාකමකින් යුක්ත පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ පරිත්‍යාග කිරීම සබැඳිව එතුමන් චීනය පැසසුමට ලක්කළේය.
මෙම වැඩසටහන අතරතුරදී, එම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූවන්ගේ උසස් කුසලතා ඉස්මතු කරමින් REOD 4000 සහ REOD 400 රොබෝවරුන්ගේ සජීවී සංදර්ශනයක් ද පැවැත්විණි. ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝව් බෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ චීන නිලධාරීන් සහ උපකරණ නිෂ්පාදන ආයතනයේ නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙක් සහභාගී වූහ. එම පුහුණු වැඩසටහන, පුපුරණ ද්‍රව්‍යවලින් ඇතිවන තර්ජනයන් කළමණාකරණය කිරීම සහ කලාපයේ ස්ථාවරත්වයට දායකවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබීය.