Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2024 18:47:25 Hours

20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

කතරගම පිහිටි 20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් 16 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.පී. සුරවීර ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 22 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් අණදෙන නිලධාරිතුමන් වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ බලඇණි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. පසුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අණදෙන නිලධාරිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය. සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව එදිනම කතරගම කිරිවෙහෙර පුදබිම අභියසදී ආගමික උත්සවයක් ද පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.