Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2024 18:48:19 Hours

56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.එ්. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 29 දින 562 පාබල බලසේනාව, 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.

එම කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව බලසේනාධිපතිතුමන් ඇතුළු අණදෙන නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

සංචාරය අතරතුර, සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයන්හි පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.